මා මළගම

Posted by කසුන් විදුරංග | Posted in | Posted on 11:21 PM


ගේ මැද
සුදු රෙද්දක්
සුදු කොට්ටයක්
ඒ මත වැතුරුනු නිසල සිරුරක්.........

ගොක්කොල
මල් වඩම් පෑව්වා
මා මළ ගමට...............

හඩන මළබෙර 
ඉකිය මුසුවෙලා............

හොරෙන් එබි බලයි හිරු
මා මළගම දෙස.............. 
අස්වසන්නට අදුරු ලොව
පෑව්වා මල් වඩම් දේදුනු.....................
.

Comments (0)

Post a Comment