තවත් කදුලක්

Posted by කසුන් විදුරංග | Posted in | Posted on 8:46 AM

0

දරුවනි,
උබලැ අප්පා
පැක්ටරියෙ
රෝදයට අසුවී
මියගිය දා
මට දුන්නා
මහත්මයෙක්
මුදල් ටිකක්............
සල්ලි ඉවරයි
උබලා බඩගින්නේ
මමත් ගියා
වතු යායේ
දළු නෙලන්න.......
දවසට දුන්
මුදල් සොච්චමෙන්
තුන් වේලම 
රොටී කෑව
ඒත් දැන්
වේල් දෙකයි.........
මන් මොනව කරන්නද?
මේක අපේ 
ලබා උපන් හැටි,
ඒ උනාට 
සමහර මහත්වරු
තවමත්
අපි ගැන
කතාකරනවා...........
මම අහගෙන
මේ ලගදි
මහත්මයෙක්
අපි ගැන 
කතාකරනවා.............
ඒත්,
වටමේසෙ බීරි අලීන්
මෙහෙම කතාවක්
කියනවා............
සොල්දාදුවෝ
යුද්ද කරද්දි
අපෙ පඩි
වැඩිකරන්න කිව්වාද?







ඔබට

Posted by කසුන් විදුරංග | Posted in | Posted on 6:49 AM

0

මැරී වැටුනු අතීතයක්
සොදුරු අනාගතයක් 
වාරු නැති වු ජීවිතය
නැවත ගොඩනගපන්

නුබහදවත තුල සිට්න
මහා ගැහැනිය 
ගනින් එලියට..........
උදුරා ගනිවු
අහිමි වී ගිය නායකත්වය

උදුර ගනිවු
අධ්‍යාපනයේ අසිපත.........

හමුවන බාධක සියල්ල
තූ තූ කොට
බලපොරොත්තුවේ
හිනිපෙත්තටම යව...........
අතීත නටබුන් මත 
වඩා යහපත් වූ
හෙට දවසක්...........
නුබට ජය.......

ගෝනී බිල්ලා

Posted by කසුන් විදුරංග | Posted in | Posted on 2:54 AM

0


ෙනතු පියෙවි
තත්පර කටිෙටි
ටක්...ටික්
නාදය අැෙස්
කාමරයක් තුල
අැදකුත්,
ෙපාත් ෙමිසයකුත්
පුටුවකුත් සමග
තනිවී සිටින මා හට
අහස නුඹ ෙගාරවන විට
කුඩාකල අසා අැති
ෙගා්නිබිල්ලා මතක් ෙවයි..........