නොවැළදගනු මැනවි

Posted by කසුන් විදුරංග | Posted in | Posted on 11:16 PM



යන්න
නුඹ යන්න
නුඹට
මාව අයිති නැත...........
නුඹ මාව
වැළදගත්තාට 
මම නුඹට
අකමැතිය
නුඹට කැමති අය 
මේ ලෝකයේ 
ඕනි තරම් ඇති................
නමුදු මම,
නුඹට
අකමැතිය
නුඹ
බලාපොරොත්තුවෙන්
මේ නිශායාමයෙ
යහන් ගැබ තුළ
බලා සිටිනා
බොහොමයක් දෙනා ඇත
සොයායන්න 
ඔවුන්ව...................
නුඹට මාව
අතික්‍රමනය කළ
නොහැක,
අහසේ
තරු වැළදගන්න,
අහසේ
සදු වැළදගන්න,
එහෙත්
මව
නොවැළදගන්න
නිදි දෙව්දුව..................


Comments (0)

Post a Comment