දෙයියොත් යුද්ධය ප්‍රකාශ කරයි

Posted by කසුන් විදුරංග | Posted in | Posted on 5:09 AM

අන්දකාරය පරයමින්
අහස පුරාම
රිදි ආලෝකයක්
ඩොන්,ඩින්, ඩින්, ඩෝන්...........
මැශින් තුවක්කුවකින්
එක දිගට වෙඩි තියයි.............

ඇද වැටෙයි ඒවා
මිහි තලයට...................
ඒ ඇද වැටෙන්නේ
දස දහසක් බිරින්දෑවරුන්
තම සැමියගේ වියොවෙන් නැගෙන
කදුළුයි..................

ඒ ඇද වැටෙන්නේ
දස දහසක් පෙම්වතියන්
තම පෙම්වතාගේ වියොවෙන් නැගෙන
කදුළුයි..................

ඒ ඇද වැටෙන්නේ
දස දහසක් දු දරුවන්
තම පියාගේ වියොවෙන් නැගෙන
කදුළුයි..................
 
ඒ ඇද වැටෙන්නේ
දස දහසක් මව්වරුන්
තම පුතුගේ වියොවෙන් නැගෙන
කදුළුයි..................

ඒ ඇද වැටෙන්නේ ලක් මතව
තවත් එක්
ලාන්කේය පුතකුගේ වියොවෙන් නැගෙන
කදුළුයි..................

ඒත්
දෙවියො
හොදට සිනාසෙයි
දැන්..............

දේ දුන්නක්
පායා ඇත
අහස පුරාවටම....................

Comments (0)

Post a Comment