චන්දය

Posted by කසුන් විදුරංග | Posted in | Posted on 6:24 AM



කලු මහත
මිටි මිනිසෙක්
යකඩ කටින්
මෙසේ කියයි..........

අනවසර කඩ 
සියල්ලක්ම
අද දින
කඩා දමනවා..............

ඒ සමගම
යකඩ ඇත්තු
පෝලිමක්
සිදාදියට............

යකඩ හොඩින්
කුඩුපට්ටම් කරයි
අනවසර කඩ.............
චාටාස්....පටාස්....
අලගෙඩි,වැටකොළු
වට්ටක්කා,බෝන්චි
පාරදිගට............

බෑගයක් අතින්ගත්
සුදු ලස්සන
නොනා කෙනෙක්
අදුන් ගෑ නෙතින්
හොරහින් 
වටපිට බලා 
තම බෑගයට
ඔබා ගතිමි 
අලගෙඩි,වැටකොළු
වට්ටක්කා,බෝන්චි
****
ඇයි මහත්තයෝ
අපේ කඩ කඩන්නේ
අපි කටවත්
හිරි හැරයක් කලේ නැනෙ.........

මන් මොනව කරන්නද?
මේක
ඉහලින් ආපු
ඕඩරයක්...........

ලබන සුමානේ
අපේ සිදාදියට
ජනාධ්පතිතුමා
එනවලු.........
ඒක නිසා
නගරේ
පිරිසිදු කරනවා......

අනේ මහත්තයො 
අපි සුමනයක්
බඩගින්නෙ ඉන්නද..........

එහෙනම් මොකටද ඕයි
තමුසෙලා
චන්දේ දුන්නේ............



Comments (0)

Post a Comment